free hit counter

ජැක් මා ට “චීනයේ ධනවත්ම පුද්ගලයා” ස්ථානය අහිමි වෙයි

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී තිබේ.

ඔහු 2019 සහ 2020 වසර වල චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේ ඔහු ය.

නමුත් එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා බවට “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්‍රින්ග්” හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක ද හිමිකරු වේ.

“නොන්ග්ෆු ස්ප්‍රින්ග්” සමාගමේ කොටස් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව දත්ත පෙන්නුම් කරයි.

Facebook Comments