free hit counter

කොරෝනා මළ සිරුරු භූමදානයට එරෙහිව ඉරණතිව් පදිංචිකරුවන් විරෝධතාවයක

ඉරණතිව් දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව ඉරණතිව්, කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

කොරෝනා ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මේ දක්වා දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බැවින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් පවසයි.

Facebook Comments