free hit counter

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උතුරු කොරියාවට කොවිඩ් එන්නත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් පහසුකම” යටතේ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක තොගයක් උතුරු කොරියාව වෙත ලැබීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ලබන මැයි මාසය වන විට එම එන්නත් තොගය එරටට ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තම රට තුළ කොවිඩ් ආසාදිතයින් නොමැති බව උතුරු කොරියානු පාලකයෝ පවසති.

මේ වනවිට උතුරු කොරියාව දැඩි සංචරණ සීමා පනවා ඇති අතර එම රට තුළට ඇතුළුවීම තහනම් ය.

Facebook Comments