free hit counter

ස්විට්සර්ලන්තයේ මුස්ලිම් විරෝධය

මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින ‘බුර්කාව’, ‘නිකාබ්’ ඇතුළු සියලූ ආකාරයේ මුහුණු හා හිස් ආවරණ ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම තහනම් කිරීම සම්බන්ධයෙන් පෙරේදා (07දා) එරට පැවති ජනමතවිචාරණයේදී එම ආවරණ පැළඳීම තහනම් කිරීමේ යෝජනාවට පක්ෂව බහුතර ජනතාව විසින් සිය ජන්දය ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය විසින් මුස්ලිම් කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලට යෑමේදී මුහුණු හා හිස් ආවරණ පැළඳීම තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි. මේ අනුව පෙරේදා පැවති ජනමතවිචාරණයේදී ජන්දදායකයන්ගෙන් සියයට 51.2ක් එම ආවරණ පැළඳීම තහනම් කිරීමේ යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබූ අතර සියයට 48.8ක් එම යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර තිබිණි.

Facebook Comments