free hit counter

SI මැරූ කතගේ DNA වලට වූ දේ

ඝාතනයට ලක්වූ කුරුවිට පදිංචි 30 හැවිරිදි කාන්තාවගේ මව සහ සහෝදරයාගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල කාන්තාවගෙන් ලබාගත් සාම්පලයට අනුරූප වන බව රජයේ විශ්ලේෂක වාර්තාව අද තහවුරු කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මාර්තු 1 වනදා මළ සිරුර සොයා ගැනීමෙන් පසු පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඝාතනයට ලක්වූ කාන්තාව කුරුවිට 30 හැවිරිදි පදිංචිකරුවෙකු බව අනාවරණය වුවද, මළකඳේ අනන්‍යතාවය ජීව විද්‍යාත්මකව තහවුරු කිරීමට විමර්ශකයන්ට අවශ්‍ය විය.

අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මවගේ සහ සහෝදරයාගේ සාම්පල විශේෂඥයන් විසින් ගෙන ගොස් ඝාතනයට ලක්වූ කාන්තාවගේ ශරීර පටක සමඟ රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තුවට යවා ඇත.

එහි අනන්‍යතාවය තහවුරු කර ඇති බැවින් දේහය පිළිබඳ මරණ පරීක්ෂණය අද සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති රෝහණ පැවසීය.

Facebook Comments