free hit counter

වනිදු හසරංග ඉදිරියට

බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති විස්සයි20 තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ලෝක විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයට පත්ව තිබේ.

මේ සමඟ එම තරගාවලියේ දී තුන් ඉරියව් දස්කම් දැක්වූ වනිඳු හසරංග ද ශ්‍රේණිගත කිරීම්හී 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

සඳකැන් තරග දෙකකදී ලකුණු 39කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත් වූ අතර, තරග 3ම ක්‍රීඩා කළ හසරංග කඩුලු 8ක් බිඳ දැම්මේ ලකුණු 42ක් පමණක් දෙමිනි.

සඳකැන් ප්‍රසාද ලකුණු 639ක් ලබා සිටින අතර, 23 හැවිරිදි හසරංගට ප්‍රසාද ලකුණු 623ක් හිමිව තිබේ.

Facebook Comments