free hit counter

කොරෝනා යලි හිස ඔසවයි “මොරවකින්” විතරක් 51 ක්, දින තුනක් සියලු කඩ වසා දමයි

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන තිබේ. පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ආසාදිතයින් නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසකි.

‍ඒ අනුව අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දමනු ලබන අතර මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Facebook Comments