free hit counter

භාග්‍යා අබේරත්නගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

සංවාදයට ලක්ව සිටින භාග්‍යා අබේරත්න විශේෂ ප්‍රකාශයක් සිරස නාලිකාව හරහා අද (15) ඉදිරිපත් කළේය. මේ ඇය පැවසු අදහසයි

ඊයේ දිනයේ මගේ ගෙදෙට්ට හවස 4.30 – 5.00 වගේ කාලය තුල පොලිස් නිළදාරීන් දෙන්නෙක් එනවා ඒ මහත්වරුන් දෙන්නා මගෙන් අහනවා මේක රජයේ හෝ පෞද්ගලික ඉඩමක් කියලා ඔයා දන්නවද කියලා

ඇත්තටම රජයේ ඉඩමක්ද පෞද්ගලික ඉඩමක්ද කියලා මම හරියටම දන්නෑ,ඒ වගේම ඒ වෙලාවේ ඒ සර්ලා දෙන්නා මගෙන් අහනවා මේකේ අයිතිකරුවන් හෝ ඒ ආශ්‍රිත වෙනත් තොරතුරු දන්නවද කියලා

මං එතන කියනවා මෙහෙම හෝටලයක් හදන්න එතන ගස් කපලා විශේෂයෙන්ම අපේ සිංහරාජය ආශ්‍රිතව ජිවත්වන ඒ දැවැන්තයන් දෙන්නා සංක්‍රමණය වන ඒ සංක්‍රමණික කළාපය හරහා ඒ පාරසරික පද්ධතිය විනාශ කරමින් ඉදිවන මේ හෝටලය පිළිබඳව මම එතැනදී ප්‍රකාශ කරනවා ඉතින් ඒක රජයේද පෞද්ගලිකද යන්න පිළිබඳ මං කිසිඳු විදිහකින් දැනුවත් නැහැ.

නමුත් බොහොම මෑත කාලයේදී ඒ හෝටලය ඉදිකරන්න පටන්ගත්තේ

දැන් ඒක හෝටලයක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සුන්ට ගෙවල් දෙකතුනක් හදනවා කියලත් කියනවා, ඉතිං ඒ කොහොම වුනත් මෙතන අලි සංක්‍රමණික කළාපයක් කියලා නාමපුවරුවක් පවා ප්‍රදර්ශනය කරලා තියනවා, ඉතින් එතැන ඉදිරියේ තමයි මේ පාරිසරික විනාශය සිදුවෙන්නේ කොහොම වුනත් කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මට මේ අදහස කියන්න කියලා බලපෑම් කරලා නෑ ” යනුවෙන් භාග්‍යා අබේරත්න හෙළිකර තිබේ.

ඇය ඉදිරිපත් කළ සම්පුරණ අදහස පහත වීඩියෝවේ 13 වන විනාඩියෙන් ආරම්භ වේ.

Facebook Comments