free hit counter

භාග්‍යා ගැන මහාචාර්ය නිර්මාල් දේවසිරි තැබූ සුපිරි සටහන

මේ යුගයේ සමාජයේ තිබෙන අවක්‍රියා පිළිබද විවෘතව කතා කිරීමට නම් මානසිකව කිසියම් අසාමාන්‍ය ලක්ෂණයක් තිබිය යුතුමය. සාමාන්‍ය සිහිබුද්ධිය ඇති අයෙක් නම් මේ යුගයේ තම ජීවිතය අනතුරට පත් වෙතැයි සිතෙන දේ කියන්නේ නැත. උදාහරණයකට මට නම් එවැනි සිහිබුද්ධියක් ඇත.

මම භාග්‍යා අබේරත්න නම් සිරස නෙවෙයි මහරාජගේ අප්පොච්චිගෙ අප්පොච්චි වලෙන් නැගිට ඇවිත් කීවත් ඔය වැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරන්නේ නැත. ඒ නිසා මේ යුගයේ දේශපාලන වශයෙන් වඩාත් ප්‍රගතිශීලී වන්නේ අප වැනි සාමාන්‍ය සිහිබුද්ධිය අනුව වැඩ කරන අය නොව තරමක් එක්සෙන්ට්‍රික් විදිහට තමන් ඉදිරියේ ඇති අනතුර ගැන එතරම් නොසිතා පෙනෙන දේ ගැන කටට එන දේ ඉවක් බවක් නැතිව ඔහේ කියන භාග්‍යා වැනි අයයි.

Facebook Comments