free hit counter

විමල්ට – ගම්මන්පිලට කැබිනට් මණ්ඩලයේ දොර වැසේ

පසුගිය මස 22 වැනි දින සියලු අමාත්‍යාංශය වලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කලමණාකරනය කළ යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබිණ. එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුවේ අනුමැතිය ලැබිය යුතුව තිබේ.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙයට සිය විරෝධය දක්වමින් සඳහන් කර තිබෙන්නේ ඇමතිවරුන් ජනතා ඡන්දයෙන් පත්වූවන් බැවින් රටේ සංවර්ධනය ව්‍යාපෘති නිලධාරි කමිටුවකින් අනුමත කිරීම පිටුපස වෙනත් අයගේ අරමුණු ඇති බවයි.

ඒ අනුව ඔවුන්ගේ විරෝධය මත ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ගැන පමණක් මෙම කමිටුවෙන් තීරණ ගැනීමට එකඟ වී තිබේ.

කෙසේ නමුත් මෙම යෝජනා සම්මත වන ඊළඟ කැබිනට් රැස්වීමේදී හදිසි යෝජනාවක් ලෙස මෙහි මුල් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර සංශෝධනවලින් තොරවම එය සම්මත වී තිබේ. ඒ අනුව සියළු අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පවතින කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

මෙම කැබිනට් රැස්වීමට විමල් ව්වීරවංශ හදිසි අවශ්‍යතාවයක් මත සහභාගී වී නොමැති අතර උදය ගම්මන්පිළ පැමිණීමට පෙර මෙම යෝජනාව සම්මත කරගන තිබේ.

Facebook Comments