free hit counter

රවී 25 අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්

බැඳුම්කර වංචාවෙන් රජයට පාඩුවක් කළැයි චෝදනා පවරා ඇති නඩුව සදහා අධිකරණයට ඉදිරිපත් නොකළ රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්ය පටබැදි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියම කළේය.

මෙම නඩුවෙන් චෝදනා ලැබූ ජෙෆ්රි ජෝසෆ් ඇලොසියස්, අර්ජුන් ඇලොසියස් සහ කසුන් පළිසේන යන විත්ති කරුවන් අද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ද රවි කරුණානායක මහතා සමග එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දන්වා සිටියේය.

Facebook Comments