free hit counter

ශෂින්ද්‍ර රාජපක්ෂ ඩිෆෙන්ඩරයත් සමග පුබ්බාර ඔයේ ගසාගෙන යයි

කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් තිබේ. මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා බේරාගෙන තිබේ. අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැති බව වාර්තා වේ.

Facebook Comments