free hit counter

ජාතික නිදහස් පෙරමුණ පළාත් සභාවට වෙනම ඉල්ලයි

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කිරීමට දේශපාලන මණ්ඩලය තුළ සාකච්ඡාවන් පැවැත්වී ඇති වී තිබෙන බව වාර්තාවෙනවා .

මෙහිදී පොදුජන පෙරමුණේ සන්ධානගත පාර්ශ්වයක් ලෙස එම පෙරමුණ තුළින් තරග කිරීමේ දී මුහුණ දීමට සිදුවූ වාසි – අවාසි පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ නිරෝෂන් ප්‍රේමරත්න හා මොනරාගල දිස්ත්‍රික්කයේ පද්ම උදය ශාන්ත යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ඉකුත් මහ මැතිවරණයේදී පරාජය කිරීමට පොදුජන පෙරමුණ අපේක්ෂකයින් සංවිධානගතව කටයුතු කළ ආකාරය පිළිබඳව මෙන්ම විමල් වීරවංශ පරාජය කර සරත් වීරසේකර කොළඹ ගෙනගිය ව්‍යාපාරය පිළිබඳවද සාකච්ඡා ඇතිව තිබේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණයට තනිව තරග කිරිම වඩාත් නිවැරදි තීන්දුව බව ජාතික නිදහස් පෙරමුණ බහුතරයකගේ මතය වී ඇති බව වාර්තා වේ.

Facebook Comments