free hit counter

සිංහරාජයේ වැව් දෙකක් හදන ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය මෙන්න

ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් යෝජනා කරනුයේ ගිං- නිල්වලා ඉහළ ප්‍රදේශවල ඇති අතිරික්ත ජලය ගිනිකොන දිග වියළි කලාපයට ගෙනයාමයි.

සංවර්ධන ව්‍යාපෘතිය මගින් පානීය ජලය සැපයීම, කාර්මික ජල අවශ්‍යතා සැපයීම, හම්බන්තොට සංවර්ධන ප්‍රදේශයට අවශ්‍ය ජලය සැපයීම සහ වාණිජ කෘෂිකාර්මික සංවර්ධනයන් හඳුන්වා දීම බලාපොරොත්තු වේ.

මාදුගැටේ ජලාශයෙන් ආරම්භ වන ව්‍යාපෘතිය මාදුගැටේ සිට ආරම්භවන උමං මාර්ගයක් හරහා කොටපොලදී හරස්කොට උමං මාර්ගයක් මගින් අම්පානගල ජලාශය වෙත ගෙන උමං මාර්ගයක් හරහා මුරුතවෙල ජලාශයට ගෙන ඒමටත් අනතුරුව එම ජලය මුරුතවෙල සහ කිරීම ඔයට මුදාහැරීමටත් ඉතිරි ජලය චන්ද්‍රිකා වැවට මුදා හැරීමත් සිදු කරයි.

අනතුරුව රිදියාගම ජලාශය හරහා හම්බන්තොට වරායේ ජල අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය මගින්ම කිලෝමීටර් 15 ක නෙළුව – ලංකාගම මාර්ගය, කිලෝමීටර් 14 ක් ලංකාගම – දෙනියාය මාර්ගය, කිලෝමීටර් 20 ක් දිග පස්ගොඩ පිටබැද්දර මාර්ගය සහ තවත් කුඩා මාර්ග විශාල ප්‍රමාණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීනයේ CAMC Engineering Co. Ltd ආයතනය 2017 ජනවාරි මාසයේදී ආරම්භ කර තිබේ.

Facebook Comments