free hit counter

ලංකාව ලෝකයේ දුර්වලම රටක් කරන ජිනීවා යෝජනාව සම්මතයි

ජීනිවා මානව හිමිකම් කවුන්සිලියේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිසෝනියාව මොන්ටිනිග්‍රෝ සහ මලාවි රාජ්‍ය යන රටවල් හයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 11 කින් අද (23) සම්මත විය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගකීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය මැයෙන් මෙම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

යෝජනාවට පක්ෂව රටවල් 22 ඡන්දය දුන් අතර රටවල් 11ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට විරුද්ධව) ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි දූපත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බ්‍රිතාන්‍යය සහ උරුගුවේ යන රටවල් 22 ඡන්දය දුන්නේය.

බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල් 11 යෝජනාවට විරුද්ධව (ශ්‍රී ලංකාවට පක්ෂව) ඡන්දය දුන්නේය.

බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය, සෙනගල්, සූඩාන් සහ ටොගෝ රටවල් 14 ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Facebook Comments