free hit counter

දළඳා වහන්සේට අගෞරව කරන පස් ඉවත් කිරීමක් ගැන හෙළිදරව්වක්

අධිවේගී මාර්ගය හේතුවෙන් තම ප්‍රදේශයේ ස්ථාන ගණනාවක පස් ඉවත් කිරීමේ කාර්යයන් සිදු කරන බවත් එහි පියවරක් ලෙස දළඳා වහන්සේට පැන් පූජා කළ ඓතිහාසික පීල්ල ඇති ස්ථානයේ පස් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතිවූ බවත් ප්‍රේශයේ මහා සංඝරත්නය හා ජනතාව එක්ව එය වල්ක්වූ බවත් කුරුණෑගල දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

දිස්ත්‍රක් කමිටු රැස්වීමේදී ඒ ආශ්‍රිතව කිලෝමීටර 2 ක කළාපය පස් ඉවත් නොකරන ලෙස තීරණයක් ගෙන තිබියදී මෙවැනි කටයුත්තක් සිදු කිරීම ගැටළු සහගත බවත් මෙවැනි බොහෝ ස්ථාන පරිසර සංවේදී කළාප ලෙස නම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් තිබේද යන්න පිළිබඳ ඔහු පරිසර ඇමති මහින්ද අමරවීරගෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර පවසා සිටින්නේ මෙම සිදුවීම තමන්ට වාර්තා වී ඇති බවත් එය තාවකාලිකව නවතා ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Facebook Comments