free hit counter

වාර්තාව ප්‍රතික්ෂේප කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දිගටම වැඩ කරනවා

ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයේදී නොයෙක් අදහස් කියනවා ඒවා කියන්න අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියනවා ,කතානායකතුමනි ඔබතුමාට මතකයි, මගේ මිත්‍ර විරුද්ධ පක්ෂ නායකතුමාලාට මතකයි,

එල්ටීටීඊ සංවිධානය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය බවට ප්‍රකාශ වුණා. අපේ රටේ ජනාධිපතිතුමාව ඝාතනය කරා, ඉන්දියාවේ අගමැති රජීව් ඝාන්ධි මැතිතුමාව ඝාතනය කරා අපිත් එක්ක එහාපැත්තෙ ඉඳගන හිටපු EPRLF එකේ සියලු දෙනා ඝාතනය කළා

ඒ වගේම පළාත්සභා ක්‍රමය ගැන නොයෙකුත් කතා කියනවා තමන් පරාජය වන බව දැනගනම උතුරේ පළාත් සභා ඡන්දය තියන්න එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කටයුතු කළා උතුරේ වැඩ කරන්න ඒ අයට අවසර දුන්නා ඔවුන් අසාර්ථක වුණා.පසුගිය ආණ්ඩුව පළාත් සභා ඡන්දය නවත්වන්න කටයුතු කළා,

ජිනීවා වාර්තාවේ චෝදනා දෙකක් තියනවා එකක් කොටි සංවිධානය සමග තිබුණු ගැටුමේදී නැතිවූ ජීවිත පිළිබඳ පැමිණිලි විභාග කිරීම, දෙවැන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පිළිබඳ ඇති විවේචන. ජනාධිපතිතුමා ලේකම්වරු පත් කරන්නේ ව්‍යවස්ථා අනුකූලව,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති සම්මත කරන්නේ පාර්ලිමේන්තුව හරහා ඒ පිළිබඳ මෙන්ම කොවිඩ් මළ සිරුරු සම්බන්ධ විවේචනයක් තියනවා. පළාත් සභා මැතිවරණය පැවත්නොවිමට හේතු නොදැන විවේචනයක් ඉදිරිපත් කර ඇති වාර්තාව අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වයේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ආයතන සමග දිගටම කටයුතු කරන්න බලා පොරොත්තු වෙනවා නමුත් අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වයේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ආයතන සමග දිගටම කටයුතු කරන්න බලා පොරොත්තු වෙනවා.

Facebook Comments