free hit counter

ලංකාවේ යුධ අපරාධ වලට එරෙහිවන්න

ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් රජය විවේචනයට ලක් කළ ඉන්දීය නළු කමල් හසන් බ්‍රහස්පතින්දා එය දෙමළ ජාතිකයින්ට කරන විශාල පාවාදීමක් ලෙස නම් කළේය.

ට්විටර් පනිවුයක් නිකුත් කරමින් කමල් හසන් ලියා ඇත්තේ “ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය දීමෙන් වැළකී සිටින ඉන්දීය නියෝජනය, මධ්‍යම රජය දෙමළ ජාතිකයින්ට විශාල පාවාදීමක් සිදු කර තිබේ.

මීට පෙර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමෙන් ඉන්දියාව ඉවත්වීම හෙළා දකිමින් “ද්‍රවිඩ මුන්නෙත්‍රා කසගම්” පක්ෂය මෙයට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Facebook Comments