free hit counter

පරිපාලනය සඳහා කමිටුවක් පත් කරන්න නීතිපති ඉල්ලයි

ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

පසුගිය පෙරවාරි මස 20 වැනිදා නිලධාරී මණ්ඩලයේ නිල කාලය අවසන් වූ බව ද නිතීපතිවරයා දැනුම් දී තිබේ.

හිටපු නිලධාරීන් මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාට නීති උපදෙස් ඉල්ලා යොමු කරන ලද ඉල්ලීම පිළිබඳ දැනුම්දෙමින් නීතිපතිවරයා මේ පිළිබඳ දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

Facebook Comments