free hit counter

බන්දුලට ආණ්ඩුවෙන් විරෝධය

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බඩු මිල ඉහළ යාම සම්බන්ධ ගැටළු කතා කරද්දි උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබෙන්නේ අවුරුදු සමය ලං වන විට ජනතාවට දැනෙන අයුරින් බඩු මිල අඩු විය යුතු බවය.

විවිධ සහන පිළිබඳ ආර්ථික න්‍යායන් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බව සරත් වීරසේකර පෙන්වා දී තිබෙනවා..

වගකිව යුතු අය එහෙට මෙහෙට බෝලය පාස් කර කර සිටීමෙන් ඵලක් නොවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා වෙළඳ අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා ට කෙලින්ම පවසා තිබෙනවා.

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද තමා බඩු බඩු මිල අඩු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කොට ඇති අතර නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියන දේවල් මහ පොලොවෙ ක්‍රියාත්මක නොවන බවය.

Facebook Comments