free hit counter

උස පැනීමේ වාර්තාව අලුත් කළ තිවංක ලෝකයේ තුන්වන තැනට

මංජුල කුමාර විජේසේකර සතුව තිබූ වසර 16ක් පැරණි උසපැනීමේ ජාතික වාර්තාව තමන් සතු කරගැනීමට ඇමරිකාවේ ටෙක්සාස්හි විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන උෂාන් තිවංක ඊයේ (28 වැනිදා) සමත් විය.

2004 වසරේදී මංජුල කුමාර විසින් තබන ලද වාර්තාව බිඳදැමීම සුවිශේෂීවන්නේ පෝලියෝ රෝගය නිසා දෙපා වාරුනැති ලංකාවේ සිටින තම දෙමාපියන් වෙනුවන් යුතුකම් ඉටුකිරීම සඳහාත්, අධ්‍යාපනකටයුතු සඳහා අවශ්‍ය මුදල් උපයාගැනීමටත් දැඩි ජීවන අරගලයක යෙදෙන අතරතුර මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කරගැනීමයි.

මෙම මස මුලදී මංජුල කුමාරගේ ගෘහස්ත ජාතික වර්තාවද තමන් සතුකරගත් තිවංක, ඊයේ දින අමෙරිකාවේ පැවති ටෙක්සාස් රිලේස් තරගාවලියේදී මීටර 2.28ක උසක් තරණය කරමින් ජාතික වාර්තාවද (එළිමහන්) තමන් සතුකර ගනු ලැබීය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් ඉගෙනුම තැබූ තිවංක මේ වනවිට ටෙක්සාස් ඵ් කොමර්ස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වලාභී පළමු වසර ශිශ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටී. ඊයේ දින ඔහු විසින් පනින ලද උස මේ වසරේ දී ලෝකයේ ඕනෑම ක්‍රීඩකයකු විසින් එළිමහන් උසපැනීමකදී දක්වන ලද ලොව තෙවන හොඳම දක්ශතාවය වේ.

Facebook Comments