free hit counter

කොළඹ ආනන්දේ ගුරුවරෙකුට කොරෝනා

කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.

ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ PCR පරීක්ෂණයකින් අනතුරුව මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හත සහ අට ශ්‍රේණිවල ගුරුවරුන් හා සිසුන් හැත්තෑවක් පමණ හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා අද PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

Facebook Comments