free hit counter

Google Maps වෙත නව අංග කීපයක් එකතු වෙයි

ඔබ මේ දිනවල බොහෝ විට වෙළඳ සැල්වල සංචාරය කිරීම හෝ රැඳී සිටීම සිදු නොකරන මුත් Google Maps නුදුරු අනාගතයේදී එවැනි ස්ථාන වෙත නැවත යාමට සූදානම් වෙමින් සිටී.

Augmented Reality තාක්‍ෂණය භාවිතා කර වෙළඳ සැල්, ගුවන්තොටුපල සහ දුම්රිය ස්ථානවල සැරිසැරීමට නව අංගයක් Google Maps වෙත නුදුරු අනාගතයේදී එක් කිරිමට සැරසෙයි.

පසුගිය අඟහරුවාදා ගූගල් විසින් විශේෂාංගයක් එළිදක්වන ලද අතර එය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ඊතල, දිශාවන් සහ icon වැනි ග්‍රැෆික්ස් යොදා ගනිමින් ඔබ වටා ඇති ස්ථානය කැමරා දර්ශයනක් ලෙස ඔබට ඉදිරිපත් කරනු ඇත.

උදාහරණයක් ලෙස සාප්පු සංකීර්ණයක හෝ ගුවන් තොටුපලක යම් ස්ථානයක් සොයා ගැනීමට එය ඔබට උදව් කළ හැකිය.  මෙම විශේෂාංගය ගූගල් සිතියම්වල පවතින Indoor maps, වලට වඩා හොදින් ක්‍රියාකාරී වන අතර එය 2019 දී දියත් කරන ලද city-street navigation අංගයට සමාන අංගයක් ලෙස වැඩි දියුණු කර ඇත.

එය මේ වන විටත් ඇන්ඩ්‍රොයිඩ් සහ iOS භාවිතා කරන්නන් සඳහා චිකාගෝ, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලෝන්ග් අයිලන්ඩ් හි සීමිත වෙළද සැල් ප්‍රමාණයකට යොදා ඇත.

එය ගූගල් සමාගම විසින් ටෝකියෝ සහ සූරිච් හි සීමිත ගුවන් තොටුපලවල්, වෙළඳ සැල් සහ සංක්‍රමණ මධ්‍යස්ථානවලටද ඉදිරි මාසවලදී භාවිතා කිරීමට සැලසුම් කර ඇත.

 

Facebook Comments