free hit counter

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට කොරෝනා, කණ්ඩායම ම නිරෝධායනයට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට කොරෝනා වැළඳුනු බව තහවුරු වීම හේතුවෙන් ඔහු ඇතුලු එම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩකයෙකුට බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මීට පෙර හදුනා ගැනුනා.

නායක සචින් තෙන්ඩුල්කාර්, යූසුෆ් පතාන්, බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ ක්‍රීඩකයන්.

Facebook Comments