free hit counter

මහින්දගේ වැඩ බලන්න රෝහිත රාජපක්ෂ පත්කරයි

මහින්ද රාජපක්ෂගේ වැඩ කටයුතු ඉටු කිරීම සඳහා රෝහිත රාජපක්ෂ මැදිහත් වූ බව ඔහු ෆේස්බුක් සටහනක් තබමින් දන්වා තිබේ.

මේ එම සටහනයි,

කුරුණෑගල , වෑවල, ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුමණ්ඩලයේ හා ළමුන්ගේ ඉල්ලීමක් ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත ලැබුනේ මින් කිහිප දිනකට පෙරය. ඒ එම විද්‍යාලයේ විශාල අඩුපාඩුවක්ව පවතින සනීපාරක්ෂක පහසුකම් සඳහා අදාල සංවර්ධන කටයුතු සිදු කර දෙන ලෙසිනි.

ඒ අනූව එම පාසලෙහි අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් 2021.03.31 වන දින නිරීක්ෂණය කළ අතර එම සංවර්ධන කටයුත්ත කඩිනමින් සපුරාලීමට අවශ්‍ය කටයුතු ද යෙදුවෙමි.

විදුහලුපතිතුමන් ප්‍රමුඛ කාර්යමණ්ඩලය හා පාසලේ දුවා දරුවන් සමඟ මෙන්ම දෙමාපියන් සමඟ ද සුහද පිළිසඳරක යෙදුනි.

තරුණ පිරිසගේ ඉල්ලීම මත අලව්ව ගංඋඩකන්ද හන්දිය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දුන් අතර පොල්ගහවෙල ග්‍රීන්වුඩ් ක්‍රීඩාංගනය නිරීක්ෂණය කර ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමද සිදු කලේය.

ඉන් අනතුරුව පොල්ගහවෙල, ගල්මුත්තාගල පුරාණ විහාරස්ථානයේදී පැවති ගැබිණි මව්වරුන් උදෙසා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් සඳහා මා සම්බන්ධ වූයේ ඉතාම කැමැත්තෙනි.

රෝහිත රාජපක්ෂ

Facebook Comments