free hit counter

කොවිඩ් තුන්වන රැල්ල ගැන සෞඛ්‍ය අංශ පූර්ව දැනුම්දීමක් කරයි

උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළහොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීම අනිවාර්යය වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් නිසි ලෙස පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

උත්සව සමය වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර අවුරුදු උත්සව සංවිධානය කරන විට ඉතාමත් සීමිත පිරිසක් අතර පමණක් සංවිධානය කරන ලෙසට ද උපදෙස් දී ඇත.

එමෙන්ම අවුරුදු උත්සව වලදී කණ්ඩායම් ක්‍රීඩාවට අවස්ථාවක් නොලැබේ.

Facebook Comments