free hit counter

පොදු දේපළ අවභාවිතයට ඇප දෙන්න බෑ එක් විනුරුවරයෙක් කියයි

මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පර්පචුවෙල් ටෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බෙදුණු තීන්දුවකින් නියම කළේය.

දමිත් තොවත්ත,මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ල විනිසුරු මඩුල ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම බෙදුණු තීන්දුව ලබා දුන්හ.

විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.

මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබිය යුතු බවත් දැනුම් දුන්නේය.

දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කළේය.

ඒ අනුව බහුතර කැමැත්තට අනුව එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50ක වටිනා ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

මහබැංකු බඳුම්කර වංචාව සම්බන්ධයෙන් දෙවන නඩුවෙන් ද රිමාන්ඩ් ගතව සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට මීට සුළු මොහොතකට පෙර ඇප ලබා දීමට අධිකරණය නියම කළේය.

Facebook Comments