free hit counter

කොළඹ වරාය නගරයේ සභාපති රනිල් වික්‍රමසිංහ

පසුගියදා කැබිනට් පත්‍රිකාවක් මගින් කොළඹ වරාය නගරය පාලනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කළේය. මෙම කොමිසම “කොළඹ වරාය නගර ආර්ථික කොමිසම” ලෙස හඳුන්වන අතර මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

කොළඹ නගර මධ්‍යයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස හෙක්ටයාර් 446.6153 ක භූමි ප්‍රමාණයක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම අධීක්ෂණය කරනු ලබන්නේ ඉහළ බලයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසිනි.

වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ ව්‍යාපාරික ආයතන සඳහා ඕනෑම ලියාපදිංචි කිරීමක්, බලපත්‍රයක්, අවසරයක් හෝ අනුමැතියක් ලබා දීම සම්බන්ධයෙන් කොමිසම තනි බලධාරියා ලෙස කටයුතු කිරීමට නියමිතය.

මේ සතිය මුලදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ගැසට් කරන ලද පනත් කෙටුම්පතකට අනුව, කොළඹ වරාය නගරය තුළ සහ ඉන් පිටත ව්‍යාපාරික කටයුතුවල යෙදීමට කොමිෂන් සභාව විසින් බලය පවරනු ලැබූ පුද්ගලයින්ට පමණක් අවසර ලැබේ.

කෙසේ වෙතත් නවතම දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම කොමිසමේ සභාපතිධූරය සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කළයුතු බව ආණ්ඩුවේ ඉහළපෙළේ සාකච්ඡාවක් පවතින බවයි.

එළෙසම තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ මෙම කොමිසම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය බලයට අභියෝගයක් එල්ල වී ඇති බවයි. කොළඹ වරාය නගරය හොංකොං මෙන් ස්වාධීන කලාපයක් ලෙස ක්‍රියා කරනු ඇති බව විවේචකයන්ගේ අදහසයි.

Facebook Comments