free hit counter

නිවට පිරිමින්ගේ පිරිමිකමට ගහන ලංකාවේ ගෑණු

නිරූපා සේරසිංහ හා දේවානි ජයතිලක අතර වූ හමුව ව්‍යාජ ලෙස නාමකරණය කර සමාජ ජාලාවන්ට මුදා හරින නිවටයින්ගේ ඊනියා පිරිමිකමට නිරූපාත්, දේවානිත් පහර දී තිබේ. එපමණක් නොව ඔවුන් ලංකාවේම මිනිසුන්ට දැනුම දෙන්නට නොබියව ඉදිරිපත්ව තිබේ.

පාඩුවේ හොරකමක් කරගන සර් කියා දෙකට නැමීගන ඕනෑම කැත වැඩක් සාදාරණිය කරන නිවටයන්ගේ ඊනියා පිරිමිකම, යට සිටින ද්විලිංගිකයා නිරූපා,දේවානි, භාග්‍යා වැනි ස්ත්‍රීන් ඉදිරියේදී හෙළිදරව් වන්නේ ඔවුන් සැබෑ ස්ත්‍රීන් වන බැවිනි. මෙවැනි මිනිසුන්ට මේ ස්ත්‍රීන් පෙනෙන්නේ ඔවුන් විනාශ කිරීමට පැමිණි යක්ෂණියන් ලෙසයි. තමන්ගේ සිතු සිතු සම්පත් දෙන සාමාකාමී ලෝකය විනාශ කරන්නට ආ හැතිරියන් ලෙසයි.

නිරූපා, දේවානි, භාග්‍යා වැනි ස්ත්‍රීන් දැකීමෙන් නිවට පිරිමියා කළබල වෙයි. ඒ ඔවුන්ගේ ද්වි ලිංගික මානසික ලෝකය හෙළිදරව් වේ යන බියෙනි. සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට බියෙන් මේ දේශපාලකයාගේ ඉඳුල් කන හෙංචයියන්, අනෙක් පසින් ස්ත්‍රියකට අවමාන කිරීමෙන් තවත් ස්ත්‍රියක් ලබන සතුට භුක්ති විඳිමින්ම සත්‍ය වෙනුවෙන් පිරිමින් පෙරළමින් ඉදිරියට එන ස්ත්‍රීන්ට අවමාන කිරීම සිය ජිවන වෘත්තීය කරගන සිටිති.

දැන් සිටින්නේ 90 දශකයේ ඩෙක් පීස් වලින් නිල් චිත්‍රපට බැලු පරම්පරාව නොව සයිබර් ලිංගික ලෝකයක ජිවත්වන පරම්පරාවක් බැවින් ඔබගේ ද්විලිංගිකභාවය රහසක් නොවීම හේතුවෙන් මෙවැනි නිවට පිරිමි අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට නියමිතය.

Facebook Comments