free hit counter

ලොව පළමු වතාවට රුසියාවෙන් සතුන්ටත් කොවිඩ් එන්නතක්

සතුන් සදහා ද ලොව පළමු වරට කොවිඩ් එන්නතක් නිපදවීමට රුසියාව සමත්ව තිබේ ඒ සදහා රුසියානු රාජ්‍ය පශු වෛද්‍ය සේවය විසින් පසුගිය දිනෙක අනුමැතිය ලබා ගෙන තිබේ. ලොව විවිධ රටවල විවිධ සත්ත්ව විශේෂවලට කොරෝනා ආසාදනයවීමේ සිදුවීම් රැසක්ම වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් සතුන් වෙනුවෙන් ද කොවිඩ් එන්නතක් නිපදවීමට රුසියාව තීරණය කර තිබිණි.

ඒ අනුව ලොව ප්‍රථම සත්ව එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම අප්‍රේල් මස මුලදී දියත් කළ හැකි බව සත්ව සෞඛ්‍යය පිළිබඳ ෆෙඩරල් මධ්‍යස්ථානය පැවසීය.

අත්හදා බැලීම් පසුගිය ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වූ අතර සුනඛයන්, බළලුන්, හිවලුන් සහ ආක්ටික් හිවලුන්, මින්ක් මුගටියන් සහ වෙනත් සතුන් සම්බන්ධ විය.

Facebook Comments