free hit counter

පැතුම් නිශ්ශංක මංගල තරඟයෙන්ම ලෝක ටෙස්ට් කණ්ඩායමට

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව අතරතුර ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින් යොදාගනිමින් විස්ඩන් සඟරාව විසින් නිර්මාණය කළ නැගී එන ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක ඇතුළත්ව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගන්නා පැතුම්, එම තරගයේ දෙවැනි ඉනිමේදී සිය මංගල ශතකය වාර්තා කළේය.

පැතුම්ට අමතරව මෙම ලැයිස්තුවට කොදෙව් ක්‍රීඩකයන් 4ක් ඇතුළත් වී තිබේ. ඒ අතරට ක්‍රිකට් පිටියේ දැවැන්තම ක්‍රීඩකයා ලෙස සැලකෙන රකිම් කොන්වෙල්, කෘමා බොනර්, ජෝෂුවා ද සිල්වා සහ කයිල් මේයර්ස් නම් කර තිබිණි. ලෝක ටෙස්ට් නැගී එන කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙසින් ඇන්රික් නොජේ, ජෝෆ්රා ආචර්, කයිල් ජෙමිසන් සහ අක්සාර් පටෙල් නම් කර ඇති අතර ශුබ්මන් ගිල් පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

Facebook Comments