free hit counter

අනිල් ජාසිංහ, නිමල් ලංසාට තරු විසිවෙන්න දෙයි

2018 දී ධීවර අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියේදී මිගමුව කලපුවේ ගොඩ දමා ඇති රොන් මඩ තොගය , ගම්පහ දිසා අඩවි වන නිලධාරි දේවානි ජයතිලක කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද, ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධව දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක හා නිමල් ලංසා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති බවට ඉකුත් 31 වැනිදා පලවූ මාධ්‍ය වාර්තා අනුව මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යංශය කියයි.

ඒ අනුව මීගමුව කළපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කරගැනීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

එම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශෙයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

Facebook Comments