free hit counter

ජිනීවා යෝජනාවෙන් පසු හම්බන්තොට සහ කොළඹ වරාය නගරයේ සම්පූරණ පාලනය චීනය යටතට

චීනය හම්බන්තොට සහ කොළඹ වරාය නගරයේ කටයුතු වලදී වෙනත් රටවල් සමඟ වැඩ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හෝං විදේශ අමාත්‍යාංශයේ දී කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියට පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සැසියේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය අවංකවම අගය කරන බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට විශේෂ ආයෝජන කලාපයේ තෙවන පාර්ශවීය රටවල් සමඟ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බව චීනයේ තානාපතිවරයා පවසා ඇත.

දේශපාලන විචාරකයන් පවසන්නේ චීනය ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් හා ගණුදෙණු කිරීම අනුමත නොකළ හැකි බවයි. එමගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය අභියෝගයට ලක්වන බව ඔවුන්ගේ අදහසයි

Facebook Comments