free hit counter

ජනාධිපතිවරණයට එනවාද කියන්න තවම කල් වැඩියි – චම්පික රණවක

2025 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න ගැන කිසිවක් කීමට ඉක්මන් නොවන බව පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පැවසුවේ ජනාධිපති මැතිවරණයට ප්‍රමාණවත් කාලයක් ඇති බවත් පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණයට ජනාධිපතිවරණයට පෙර මුහුණදීමට සිදුවන බවත්ය.

” විපක්ෂ නායකවරයා ද නැවත වරක් තරඟ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව පාලක පක්ෂ අපේක්ෂකයා කවුරුන්ද යන්න අපි නොදනිමු. එය බැසිල් රාජපක්ෂ වේ ද නැතහොත් වත්මන් ජනාධිපතිවරයා ද අමාත්‍ය නාමල් රාජපක්ෂ වේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. ”රණවක පැවසීය.

මේ අතර, මේ රටේ ජනතාව, විශේෂයෙන් තරුණ තරුණියන්ගේ ඉල්ලීම පරිදි නව පරපුරේ දේශපාලනඥයන් හඳුන්වා දීමේ මෙහෙයුමක් දියත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“තරුණයින් ඇතුළු බොහෝ දෙනෙක් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයේ වෙනසක් ඇති කිරීම සඳහා නව පරපුරේ දේශපාලනඥයන් ඉදිරිපත් විය යුතු බවයි. එබැවින් මම එම අවශ්‍යතාවය සපුරාලීම ආරම්භ කර ඇත්තෙමි. කෙසේ වෙතත් මට මේ මොහොතේ මේ පිළිබඳ තොරතුරු හෙළි කළ නොහැකිය.

Facebook Comments