free hit counter

රංජන් නිදහස් කරගැනීමේ අරගලයට ඔබ නායකත්වය ලබා දිය යුතුය

රංජන් රාමනායක අතිශය පාරිශුද්ධ චරිතයක් නොවේ. බොහෝ තනිකඩ නළුවන් මෙන් ඔහුගේ ජීවිතයත් විවිධ පදකම් වලින් පිරි තිබෙන්නට ඇත. නමුත් ඒවා අතිශය පෞද්ගලික බොහෝ විට ලිංගික කාරණා වලින් පිරි පැවතුනු බවට සැකයක් නැත. නමුත් රංජන් කිසිවිටෙක නරුමයෙකු නොවිය, වංචනිකයෙකු නොවීය. ඔහුට රක ගන්නට කිසිවක් ඉතිරිව නමැති තැන ජනතාවම කෙරෙහි වූ අනුකම්පාවෙන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සිරදඬුවම් භුක්තිවිඳි.

අධිකරණයේ සමහර විනිසුරුවන් දූෂිත බවට රංජන් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගත්තේය, ඔහු මුරණ්ඩුකමින් තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවේය, කෙතරම් දඬුවම් කළද කිසි විටෙක දූෂිතයන්ගෙන් සමාව නොඉල්ලන බව පැවසුවේය.

රංජන් බුද්ධිමතෙකු නොවේ ඔහු වසර ගණනාවක් ලංකාවේ ජනප්‍රියම නළුවා සම්මානය ලැබූ පුද්ගලයා වේ. සියලු සැප සම්පත් අනූන ජීවිතය අතහැර රංජන් ජනතා අභිලාෂයන් වෙනුවෙන් දඬුවම තෝරා ගත්තේය.

සමහර විට රංජන් දූෂිතයන්ට දඬුවම් දෙන්නට තරම් නීතිය ශක්තිමත් නොවන බව දකින්නට ඇත. ඒ නිසා නීතියට පිටින් හෝ ගොස් දූෂිතයන් නසන වන් ෂොට් කෙනෙකු වන්නට රන්ජන්ට සිදුවන්නට ඇත.

රංජන් සත්‍යවාදියෙකු බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුම කියති. ඔහු හොරෙකු නොවන බවත් නිවැරදි පුද්ගලයන්ට චෝදනා එල්ල කරන්නෙකු නොවන බවත් බොහෝ දෙනෙක් පවසති.

රංජන් නිදහස් කර ගැනීමට අරගල කළ යුත්තේ ඔහුගේ සත්‍යවාදී බව නිසාමය, ඒ සටන අතනොහැර රංජන් වැනි මිනිසුන් ශක්තිමත් කිරීමට ජනතාව අමතක කළහොත් හෙට ලංකාවේ අනාගතය දූෂිතයන් අතින් විනාශ වීම වැලක්විය නොහැකිවනු ඇත.

Facebook Comments