free hit counter

පොහොට්ටුවට එරෙහිව විමල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක්

විමල් වීරවංශ නායකත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර,අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් මෙම හමුවට සහභාගි වූහ.

ලබන මැයි මස 01දා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වයි.

Facebook Comments