free hit counter

චම්පික – විමල් එකතු කරන්න අභයාරාමයෙන් අලුත් වැඩක්

විමල් වීරවංශ හා චමිපික රණවක එක මේසයකට ගෙන්න නාරාහේන්පිට අභයාරාමය විශාල මහන්සියක් ගන්න බව දේශපාලන ආරංචිමාර්ග කියනවා.

ජාතිකවාදී දේශපාලන ගමනක් ආපු චම්පික හා විමල් එකට එකතුවෙන්න ඕන කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වගේම ඇල්ලේ ගුණවංශ හිමියනුත් කටයුතු කරනා කියලා තමයි මේ ආරංචි මාර්ග කියන්නේ.

ඒ වගේම යහපාලනය බලයට ගෙන්න කටයුතු කරපු සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයකුත් මේ කටයුත්තට එකතු වෙලා කියන ආරංචිය නොරහසක්.

නුත් විමල් – චම්පික එක මේසයකට ගේන එක අසීරු වැඩක් වෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ පිරිසක් විමල් විනාශ කිරීමේ ව්‍යාපෘතියක ඉන්න නිසා කියලයි බොහෝ දෙනා කියන්නේ.

කොහොම වුනත් රාජපක්ෂලා නැවත බලයට ගේන්න ජාතික සංවිධාන වල කිසිම කැමැත්තක් මේ වෙනකොට නැහැ කියන එක තමයි දේශපාලන ලෝකයේ තියන අලුත්ම ආරංචිය.

Facebook Comments