free hit counter

ලංකාවේ ඉස්ලාම් අන්තවාදය වැපිරූ ‘වන් උම්මා‘

කටාර් රාජ්‍යයේ සිට “වන් උම්මා” නමින් වට්ස්ඇප් ජාලයක් උපයෝගි කර ගෙන ශ්‍රී ලංකාවට විවිධාකාරයේ තොරතුරු එවමින් මෙරට විවිධ ජන කොටස් වහාබ්වාදය සහ අන්තවාදය සඳහා යොමු කළ බව කියන කටාර් රාජ්‍යයේ සිට පිටුවහල් කළ තවත් පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මොවුන් මෙරට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මතයට පටහැණි මතවාදයක් මුස්ලිම්වරුන් අතර ගොඩ නැඟීමට මේ වටිස්ඇප් ජාලය හරහා කරුණු ඉදිරිපත් වී ඇති අතර විවිධ වීඩියෝ දර්ශන ඉදිරිපත් වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

මේ පුද්ගලයන් 6 දෙනාගේ කණ්ඩායම විසින් සහරාන් හෂීම් නමැති අන්තවාදියා විසින් පාස්කු ප්‍රහාරය කිරීමෙන් අනතුරුව එම වීඩියෝ පට සහ සහරාන් හෂීම් විසින් බයියත් යාච්ඤාවක් දෙන වීඩියෝ දර්ශනය අන්තර්ජාලයට මුදා හැර තිබේ.

ISIS මතවාදය දේශනා කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යයේදී ඔවුන්ව බන්ධනාගාරගත කර ඇතිඅතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා ඔවුන් දෙදෙනා තවත් සිව් දෙනකු සමඟ මෙරටට පිටුවහල් කර තිබේ.

මඩකලපුව, කාතන්කුඩිහි පදිංචි 28 සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු වන අතර, ඔවුන් දෙදෙනා ඉකුත් නොවැම්බර් මස 22දා කටාර් රාජ්‍යයේ සිට පිටුවහල් කරන ලද කණ්ඩායමේ 6 දෙනාගෙන් දෙදෙනකු බව කියා සිටි.

මේ පුද්ගලයන් දෙදෙනා සමඟ සිටි අනෙකුත් පුද්ගලයන් සිව් දෙනා මින් පෙර අත්අඩංගුවට ගත් බවත් ඔවුන් රඳවා ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Facebook Comments