free hit counter

“දේවානි” මාරු කරන්න ජනාධිපතිට පැමිණිල්ලක්

ගම්පහ වන නිලධාරිනිය දේවානි ජයතිලක ගැන ගම්පහ පැත්තෙ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අයගේ ඡන්ද කොට්ඨාසවල තියෙන පරිසරය සම්බන්ධයෙන් ප්‍රශ්න හැම එකකටම එයා හරස් වෙලා කියන එකයි පැමිණිල්ල විදිහට සඳහන් වෙන්නේ මෙහෙම ගියොත් දේවානි නිසා පොහොට්ටුව ගම්පහ පරදිනවා ඒ නිසා ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්න ඕන කියන අදහසින් තමයි මෙම පැමිණිල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ආරංචිය.

මේ සම්බන්ධයෙන් වනජීවී ඇමැතිට පැමිණිලි කළාට කිසිම පියවරක් ගෙන නොමැති අතර දේවානි වෙනුවෙන් මාධ්‍ය ඉදිරිපත් වෙන නිසා ගම්පහ පොහොට්ටු කණ්ඩායම බරපතල අර්බුධයකට ලක්වෙලා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ ගැන නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ගම්පහ පොහොට්ටු කණ්ඩායම දේවානිට එරෙහිව උද්ඝෝෂණයක් කරන්න බලාපොරොත්තු වෙන බව දේශපාලන ආරංචි සඳහන් කරනවා.

Facebook Comments