free hit counter

ආණ්ඩුවේ අර්බුධයක් හේතුවෙන් ජනාධිපති හදිසි පක්ෂ රැස්වීමක් කැඳවයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබේ.

පළාත් සභා මැතිවරණය මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයක් ඇතිකර ගත් ගෙන තිබුණද මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නව පනත් කෙටුම්පතේ කර ඇති යෝජනාවට ඇමතිවරුන් වැඩි පිරිසක් විරෝධය පළ කළේය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් එම යෝජනාවට විරෝධය ප්‍රකාශ කර තිබේ.

පළාත්සභා මැතිවරණය කොට්ඨාශ අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම ස්ථිර බවත් පක්ෂ නායක රැස්වීමේදී ඉතිරි ගැටළු විසඳාගන්නා බවත් ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.

Facebook Comments