free hit counter

ASP එරික් වැසූ වෙන්නප්පුවේ ඝණිකා නිවාස යළි ඇරේ

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කර ඇති බව වාර්තා වේ.

වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් යළි විවෘත කර ඇති අතර තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරියෙදී නැවත විවෘත කර බව වාර්තා වී තිබේ

විදුහල්පතිවරුනගේ, ආගමික නායකයන්ගේ සහ දෙමවුපියන්ගේ ඉල්ලීම මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබිණි.

මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පාසල් දරුවන් යෑමේ ප්‍රවණතාව වැඩිවීම නිසා ඒවා වසා දැමීමට පියවර ගෙන තිබිණි.

Facebook Comments