free hit counter

සජිත්ට ගහන්න රනිල් – ඩයනා හමුවක්

තමන්ව සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කර තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මිය පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා වෙත දැඩි ප්‍රහාරාත්මක ලිපියක් යවා තිබිණි.

මෙම ලිපිය මාධ්‍ය ඔස්සේ ද පළ වී තිබුණු අතර එය දුටු එක්සත් ජාතික පක්ෂ නායක මහතා ප්‍රීතියෙන් පිනාගොස්, වහාම තමන්ව හමුවීමට පැමිණෙන ලෙස ඩයනා ගමගේ මහත්මියට සහ සේනක ද සිල්වා මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව පෙරේදා (01) දිනයේදී ඔවුන් කොල්ලුපිටියේ 6 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මුණගැසී ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා ඩයනා ගමගේ මහත්මියගේ ක්‍රියාව මහත් සේ ඇගයීමට ලක්කර ඇති බව සඳහන්.

මෙම හමුවට එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප සභාපති වජිර අබේවර්ධන වැනි නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද කැඳවා තිබී ඇති අතර ඔවුන් සියලු දෙනාම කතාබහ කර තිබුණේ ඩයනා විසින් සජිත්ට යැවූ ලිපිය නිසා එජාපයට නව පණක් ලැබුණු ආකාරයටය.

එසේම සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි ප්‍රහාරය දිගටම කරගෙන යන ලෙස වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ප්‍රබලයින් පිරිස ඩයනා ගමගේ මහත්මියගෙන් ඉල්ලා ඇති අතර එහිදී කුමක් සිදුවුවත් ඩයනාට එජාපයෙන් ඉහළම තනතුරක් ලබාදෙන බවට පොරොන්දුවක් ද ලබාදී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව තමන්ගේ අගමැති තනතුර අහිමි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවට තමන්ගේ විපක්ෂ නායක තනතුර අහිමි කළ සජිත් ප්‍රේමදාස මහතාව ප්‍රධාන සතුරා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගෙන සිටින බවත් ඒ අනුව කටයුතු කරමින් සිටින බවත් පෙනේ. විශේෂයෙන් ඩයනා ගමගේ මහත්මියගේ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග එජාප සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විශේෂ පිබිදීමකින් යුතුව කටයුතු කරන ආකාරයක් ද දැකගත හැකිවිය.

අනෙක් පැත්තෙන් 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකේ බලය ලබාගැනීමේ ප්‍රධාන තුරුම්පුව වශයෙන් ඩයනා ගමගේ මහත්මියව පාවිච්චි කළත් ආණ්ඩුවෙන් ද ඇයට මේ වන තෙක්ම රාජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ ලබාදෙන බවක් ද පෙනෙන්නට නැත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද දුර බැහැර ප්‍රදේශවල ජංගම සේවය සඳහා දුවනවා විනා, ආණ්ඩුවට සහාය දුන් මන්ත්‍රීවරුන් සම්බන්ධ ප්‍රශ්නය වැනි ඇතැම් ප්‍රශ්න වලට හොඳම පිළිතුරු තෝරන ආකාරයක් ද දක්නට නැත.

LNW –

Facebook Comments