free hit counter

“ගම සමග පිළිසඳර” චීන ජනාධිපතිගේ වැඩක්

දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අත දීමට චීනයට හැකි බව චීන ජනාධිපති ෂී ජින් පිං මේ සතිය මුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ දුරකථන සංවාදයේ දී කියා සිටියේ මිලියන නවයක් ජනතාව අතර පවතින අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමට චීනය සමත් වූ බව කියමිනි.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සතුටුදායක අයුරින් අඛණ්ඩව සිදුවන බව පැවසූ ජනාධිපති රාජපක්ෂ , ව්‍යාපෘති කටයුතු අවසන් කරන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටියේය. ඉදිරි සිව් වසර තුළ රට සමෘද්ධියේ මාවතකට යොමු කිරීමට කැපවී සිටින බව ඔහු පැවසීය. “දරිද්‍රතාවය තුරන් කිරීම මගේ ප්‍රධානතම කාර්යයි අපට චීනයෙන් දැනුම ලබා ගත හැකි” යැයි ජනාධිපති රාජපක්ෂ පැවසීය.

2020 සැප්තැම්බර් 25 වන දින ජනාධිපති විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන දියත් කරන ලදී. මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වනුයේ මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති නගරයෙන් පිටත දුර බැහැර ගම්මානවල ජනතාව හමුවීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලීම, ඔවුන් එකවර නිලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සහ විසඳුම් සැපයීම සහ වැඩසටහනේ අවසාන අරමුණ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමයි.

චීන ජනාධිපති ෂී ජින් පිං 2013 ආරම්භයේ දී චීනයේ ජනාධිපති ධුරයට පත්වූ දා සිට මෙවැනි බිම් මට්ටමේ චාරිකා අඛණ්ඩව සිදු කරමින් එවැනිම වැඩසටහනක් ආරම්භ කළේය. “නිරවද්‍ය දරිද්‍රතාවය තුරන් කිරීම” යන ඔහුගේ වැඩසටහන ආරම්භ වූයේ හූ හෙන් ප්‍රාන්තයේ ෂු බා ඩොං ගම්මානයේ සංචාරය කිරීමෙනි.

ජනාධිපති ෂීගේ මෙම ගම්මානයේ සංචාරයෙන් ඉක්බිතිව, 2020 දෙසැම්බර් මාසය දක්වාම “නිරවද්‍ය දරිද්‍රතාවය තුරන් කිරීම” වැඩසටහන රට පුරා ක්‍රියාත්මක විය. චීනය රාජ්‍යයක් ලෙස වසර දෙදහස් දෙසීයක දරුණු දරිද්‍රතාවය තුරන් කර තිබේ.

නිරවද්‍ය දරිද්‍රතා ව්‍යාපාරයේ අත්දැකීම් හා සාර්ථකත්වය මත පදනම්ව, චීනය සිය ග්‍රාමීය සංවර්ධන යාන්ත්‍රණය 2018 ජනවාරි මාසයේදී දියත් කරන ලද “ග්‍රාමීය පුනර්ජීවනය” නමින් පුළුල් පද්ධතියක් දක්වා වර්ධනය කර ගෙන තිබේ.

නව්‍ය ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් චීනය සිය අත්දැකීම් සහ විසඳුම් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ බෙදා ගැනීමට කැමති බව සඳහන් වේ.

මේ තත්ත්වය විග්‍රහ කරන දේශපාලන විචාරකයන් පවසන්නේ චීනයට අවශ්‍ය ඉඩම් පැවරීම පහසුවෙන් කරගන යාම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වීමන් සිදු කරන ගම සමග පිළිසඳර ක්‍රියාත්මක කරන බවයි. එමගින් යෝජනා කරන බොහෝ ව්‍යාපෘති චීන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය යටිතළ පහසුකම් සපයන ව්‍යාපෘති බව මෙම විවේචකයන් පවසයි. අනෙක් අතට ජනාධිපතිවරයා ඍජුව මැදිහත්වීම හේතුවෙන් ජනතාව අතර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු අවම කරමින් විශ්වාසනීයත්වය තහවුරු වන ලෙස චීනය විසින් මෙම ව්‍යාපෘතිය හසුරවනවාද යන්න සැක සහිත බව ඔවුන් පෙන්වා දෙයි.

Facebook Comments