free hit counter

පොලීසියට පහර දෙන්න අජිත් රෝහණ කළ ආන්දෝලනාත්මක ඉල්ලීම

පොලිස් නිලධාරියෙකු හෝ රජයේ නිලධාරියෙකු බලය භාවිතා කිරීමේදී කිසිවෙකුට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

පන්නිපිටිය පොලිස් පහරදීමේදී මා සඳහන් කලේ දණ්ඩනීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පිළිබඳ සඳහන් ව ඇති බවයි.

කිසියම් ආවස්තාවක රජයේ නිළධාරියෙකු තම නිල බලය භාවිතා කිරීමේදී පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කළ නොහැකි බව එහි සඳහන් වෙනවා.

මෙවැනි අවස්ථාවක පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැමිණිලි කිරීම පමණක් කළ හැකි අතර පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි ආයතනවලට පැමිණිලි කළ හැකි බවයි.

කෙසේ වුවත් තමාගේ ප්‍රකාශය උපුටා දක්වමින් පොළිස් නිළධාරීන්ට පහර දියහැකි බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ පළවන බව අජිත් රෝහණ සඳහන් කරනවා.

Facebook Comments