free hit counter

අර්ජුනගේ වසර 24 ක වාර්තාව දිමුත් කරුණාරත්න බිඳ දමයි

අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබු වාර්තාවක් වසර 24 කට පසු ඊයේ බිඳ වැටුනා. ඒ, ශ්‍රී ලංකා කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී.

දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී රැසකල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. එහිදී දිමුත් කරුණාරත්න කොදෙව් දෙවන ඉනිමේදී ලකුණු 75ක් රැස් කළා.මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අර්ජුන රණතුංග 1997 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව හතර වන ඉනිමේදී නොදැවී ලකුණු 72ක් රැස් කළා.

Facebook Comments