free hit counter

ගෝඨා ගුණමකුවෙක් ඇල්ලේ ගුණවංශ හිමියෝ අන්තිමට කළකිරෙති

ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව ආරක්ෂා කිරීමට බොරු කියන කියන බවත් ජනතාවට වග නොකියන බවත් පැහැදිලි බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීමේ සිට මෙරට ජනතාව එදිනදා භාවිත කරන එළවළු, පලතුරු, කුළුබඩු ඇතුළු සෑම දෙයකම වස විෂ අන්තර්ගතව ඇති බවට සනාථව තිබුණත් රජයේ ඇමැතිවරුන් එම වගකීම භාර නොගනිමින් බෝලය පාස් කරන න්‍යාය අනුගමනය කිරීම තුළ මෙරට ජනතාවට මරණය අතින් ගෙන ජීවත්වීමට සිදුවීම කිව නොහැකි ‘සසර කලකිරීමක්’ වී ඇතැයිද උන්වහන්සේ සඳහන් කති.

මෙරට වකුගඩු රෝගයට බලපෑ ග්ලයිෆෝසෙට් ඇතුළු කෘෂි රසායන භාවිතය තහනම් කරනවා වෙනුවට රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට කටයුතු කරන ආණ්ඩු ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් ජනතාවට බෙදාහැර ඇත්නම් ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ තවත් පිළිකා රෝහල් තැනීමක් දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටිති.

සෞඛ්‍ය අංශ, ප්‍රමිති ආයතන, තත්ත්ව පරීක්ෂාවන් සිදු කරන ආයතන ඇතුළු රජයේ ආයතන රැසක් ජනතා මුදලින් නඩත්තු වන්නේ නම් ඔවුන් සිය වගකීම් පැහැර හරිමින් ජනතාවට වස විෂ බෙදා හරින්නේ කුමන හේතුවක් නිසා දැයි සෙවීමට රජය දැන්වත් කටයුතු කළ යුතුව ඇතැයිද ගුණවංශ හිමියෝ කියති.

සෑම අතකින්ම අසාධාරණයට ලක්ව ඇති ජනතාව අද ඉතාමත් අමාරුවෙන් ජීවිකාව ගෙන ගියත් කිසිඳු පාලකයෙකු ඔවුන් වෙනුවෙන් කතා නොකරන බවත් ඔවුන් කතා කරන්නේ නම් එය ද බොරුව වැපිරවීම වෙනුවෙන්ම පමණක් බවත් යැයි කී උන්වහන්සේ බලය ලබා ගැනීම වෙනුවෙන් කළ කතා අද අමතක කර තිබීම ගුණමකු කමක් නොවන්නේ දැයි විමසා සිටීමට කැමති බව ද පැවසූහ.

මේ තුළ පවතින කප්පරක් වූ ප්‍රශ්න ජනතාවට අමතක කරවීමට ප්‍රශ්නවලින් ප්‍රශ්න යටපත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති වත්මන් ආණ්ඩුව බොරු මවාපෑම් සිදු කරමින් සිටින බව ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඇතැයිද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

Facebook Comments