free hit counter

පාස්කු ඉරිදා පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්

පල්ලිය විසින් පත් කරන ලද සෝදිසි කිරීමේ කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් සහ මහජනතාවගෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලන ලෙසත්, එවැනි ඕනෑම ක්‍රියාවක් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වාර්තා කරන ලෙසත්ය.

මෙම කාලය තුළ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් රටේ ආරක්ෂක විධිවිධාන තවදුරටත් ශක්තිමත් කරන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්ට අමාත්‍යාංශය විශේෂ උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක අංශ තවමත් දැඩි විමසිල්ලෙන් පසුවන අතර ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව සියලුම ආරක්ෂක විධිවිධාන යෙදවීමට හමුදාවන්ට උපදෙස් දී තිබේ.

පාස්කු ඉරිදා බැතිමතුන් සහ පල්ලි විසින් පවත්වනු ලබන දේව මෙහෙයන් සහ වෙනත් ක්‍රියාකාරකම් වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය පල්ලි සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Facebook Comments