free hit counter

මහින්දට සැත්කමක්

මහින්ද රාජපක්ෂ දණහිස් ආදේශන සැත්කමකට (Knee Replacement Surgery) භාජනය කර ඇති බව වාර්තා වේ. මීට සති කිහිපයකට පෙර කොළඹ නවලෝක රෝහලේ දී සැත්කම සිදුකර ඇති බව එම වාර්තා සඳහන් කරයි .

වාර්තා පෙන්වා දෙන්නේ මෙම සැත්කම සිදුකර ඇත්තේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු විසින් බවයි.

මහින්ද රාජපක්ෂට එක් පාදයකට පමණක් සැත්කම සිදුකර ඇති අතර තව මාස 4 කින් අනෙක් පාදයට ඉතිරි සැත්කම සිදුකිරීමට නියමිත බව වාර්තා පෙන්වා දෙයි.

Facebook Comments