free hit counter

ලෝක ඉතිහාසයේ පළමු වතාවට පුරුෂ ලිංග තුනක් ඇති දරුවෙකු ඉරාකයේ උපදී

ඉරාකයේ ඩුහෝක් කලාපයේ උපත ලැබූ ළදරුවෙකුට ශිෂේණයන් තුනක් ඇති බවට වාර්තා වී ඇති අතර එය ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු එවැනි සිදුවීම ලෙස සැලකේ.

මාස තුනක් වයසැති දරුවා ඔහුගේ දෙමව්පියන් විසින් රෝහලට ගෙන එන ලද අතර එහිදී ඔහුගේ වෘෂණ කෝෂයේ ඉදිමීම ගැන පැමිණිලි කරන ලදී.දරුවා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන්ට පෙනී ගියේ දරුවාගේ වෘෂණ කෝෂයෙන් තවත් ශිෂේණයන් දෙකක් වැඩෙන බවයි. එක් ශිෂේණයක් ඔහුගේ ප්‍රධාන ශිෂේණයමූලයේ අසල වැඩෙමින් තිබෙන අතර, අනෙක් ශිෂේණය වෘෂණ කෝෂය යට වැඩෙමින් තිබේ..

දරුවා ගර්භාෂයේ කිසිදු ඖෂධයකට නිරාවරණය නොවීම සහ ඔහුගේ පවුලේ අයටද ජාන විෂමතාවයේ ඉතිහාසයක් නොමැති නිසා මෙම අවස්තාව දුර්ලභ යැයි පැවසූ වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කර තිබේ.

Facebook Comments