free hit counter

පොහොට්ටුවට දැනෙන්න අපි දැවැන්ත මැයි දිනයක් කරනවා – දයාසිරි ජයසේකර

නව ගමන තවත් ශක්තිමත් වන ආකාරයෙන් දැවැන්ත මැයි දිනය පැවැත්වීමට බලාපොරොත්තුවන බව නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

දයාසිරි මේ බව පවසන්නේ පොහොට්ටුව හැර ආණ්ඩුවේ අනෙකුත් දේශපාලන පක්ෂ 11 එකතුව දැවැන්ත මැයි දිනයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා මතුව ඇති මොහොතකයි.

ඒ හැරුණුකොට සෑම මැතිවරණ කොට්ඨාසයකම ශ්‍රීලනිප ශාඛා සමිති බලගැන්වීම මෙන්ම මහනුවර ආරම්භ කොට මාතලේද පවත්වන ලද පක්ෂයේ පාක්ෂික හමු අන් දිස්ත්‍රික්කවලද පැවැත්වීම සිදු කරන බවද ඔහු පවසනවා කෙසේ වෙතත් මේ සියලු කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව කිරිමට බලාපොරොත්තු වන බවද දයාසිරි පවසනවා.

Facebook Comments